දින 45කට පසු මෙරටින් හදුනාගත්, කොරෝනා ආසාදිතයින් අඩුම සංඛ්‍යාව, එනම් දෙදහසට අඩු සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා.
පසුගිය මැයි 09 වනදා ආසාදිතයින් 1896 ක් වාර්තාවීමෙන් පසු ඊයේ වාර්තා වූ සංඛ්‍යාව 1941ක්.
සංචරණ සීමා ඉවත් කළ ද සංචාරය අවම කරමින් රෝගය තවදුරටත් වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ජනතාවගේ යුතුකම සහ වගකීම බවයි සෞඛ්‍ය අංශ මෙන්ම පොලිසිය ද අවධාරණය කරන්නේ.
මේ අතර ඩෙල්ටා ප්‍රභේදය මුලින් හදුනාගත් ප්‍රදේශ හැරුණු කොට වෙනත් ස්ථානවලින් එය වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය පුරුදු කඩ නොකර සිටියහොත් මෙම වයිරසය පාලනය කළ හැකි බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් පෙන්වා දෙන්නේ.