ඩොලර් බිලියනයක තවත් ඉන්දීය ණයක් ලබා ගැනීමට රජය සූදානම්-ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබා ගැනීමට රජය සූදානමින් පසුවන බව හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් ඔහු මේ බව අනාවරණ කළා.
විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ මෙම ණය ලබා ගැනීමට නියමිත අතර ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ණය මුදල ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙළිකර තිබෙනවා.

ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන එකකට ආසන්න වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී තිබෙනවා.

එම මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි.

පුවත යවන්න