තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා / සමගි ජන බලවේගය

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම අද(16)ඒකමතිකව  තීන්දු කර තිබේ.

මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විශ්වාස කරන බැවින් මෙම තීන්දුව ගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද එහිදී මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

පුවත යවන්න