තල්පේ වෙරළේ ස්වභාවික හතරුස් කොටු නාන තටාකය – Photos

අද අපේ සංචාරය සටහන වෙන් වන්නේ  තවත් ලස්සන මුහුදු තීරයක්, ඒ වගේම නාන තටාකයක් පිළිබදවයි.

තල්පේ වෙරළ යනු තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක නිර්මාණය වෙලා තියෙන තටාක කිහිපයක් දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.

මේ තැන වර්තමානය කියන්න කලින් අතීතය බලමුද? මීට වසර ගණනාවකට පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය.

අද යස අපූරුවට බැහැගෙන ඉන්නේ පොල්ලෙලි පල් කරපු වලවල් වල පෙර කාලයේ ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්රදේශයේ එම කර්තව්යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ.

No description available.

අද වන විට මෙම වළවල් සුන්දර තටාක ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. ඕක තමා මෙහි ඉතිහාසය.

පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ.

බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට අපුරුවට විනෝද වෙයි. සාමාන්ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.

No description available.

කෙතරම් සුන්දරත්වයක් විනෝදයක් මෙම තටාක ගෙන දුන්නද මේ අසලම එක්තරා අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නෝද දනිති. එනම් ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය හැකි වීමයි.

කුඩා ටෙනිස් බෝලයක් වටේට ඉත්තෑ කූරු සවි කර ඇත්තා සේ මෙම සත්වයා මෙම ගල්පරයේ ඇලී සිටින නමුත් මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි.

No description available.

නමුත් මිනිසා මෙම සතුන්ගෙන් බොහෝ ප්රවේසම් විය යුත්තේ මෙම සතාව පෑගීමට පුළුවන්කම ඇති හෙයිනි. ඔබේ දෙපාවලට මෙම සත්වයා පෑගුණහොත් එම කටු රාශියක්ම ඔබේ යටිපතුලේ ඇනී ලේ ගලන වේදනාබර තුවාලයක් සිදු විය හැක. විනෝද වෙනවා වගේම පරිස්සම් වීමත් ඔඛේ වගකීමක් වෙනවා.

No description available.

පුවත යවන්න