තලේබාන් යලිත් ඇෆ්ගනිස්ථානයේ වැඩ අල්ලයි

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ හමුදා කදවුරක් අත්පත් කරගෙන තිබෙනවා.
දැවැන්ත භූගත උමගක් හරහා කදවුර තුලට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කරමින් මෙම කදවුර අත්පත් කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
බාරා බුලුක් දිස්ත්‍රික්කයේ පිහිටි ඇෆ්ගන් ජාතික ආරක්ෂක බලඝනයේ කදවුරක් ප්‍රහාරයට ලක්ව තිබුණා.
මෙහිදී හමුදා සාමාජිකයන් 22නකු මියගොස් තවත් 4 දෙනකු අතුරුදන්ව තිබෙනවා.
අමෙරිකානු හා නේටෝ හමුදා ඉවත්වීමට තීරණය කිරීම සමග තලේබාන් සංවිධානය මෙම ආක්‍රමණශීලී ප්‍රහාරයන් වර්ධනය කර තිබෙනවා.

පුවත යවන්න