තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බවයි.
එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අයත්.
අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,258ක්.