තවත් කොවිඩ් මරණ 79ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ (24) දින තහවුරු කර ඇති එම මරණ 79ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,609ක් දක්වා ඉහළගොස් තිබුණා.
කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්.