තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවයි.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ද වනවා.

අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,901ක්.

පුවත යවන්න