තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා(Lockdown) කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම, එම දිස්ත්‍රික්කයේම හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත අද(04) උදෑසන සිට හුදකලා කළ බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත ද අද උදෑසන හුදකලා කරනු ලැබුවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණේ , රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමයි.

කොළඹ දිස්ත්‍රික්කයේ , මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ , විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම ද අද උදෑසන සිට හුදකලා කළ බව, කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

පුවත යවන්න