තවදුරටත් වගකීමෙන් කටයුතු කරන්න / ජනතාවට ඉල්ලීමක්

සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුවූයේ ජනතාවට ජීවනෝපාය රැකගැනීමට අවශ්‍ය නිසා බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ‌යේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන බැවින් මහජනතාව ඉන් ආරක්ෂාවීමට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍යවරිය සදහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් ලැබුනු නිදහස අසීමිතව භූක්තිවිදීමෙන් අනතුරුව මහජනතාව සෞඛ්‍ය අමාත්‍යංශයට වරද පැටවීම සාධාරණ නොවන බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

පුවත යවන්න