ප්රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කර මසකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් අදත් ප්රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්රිත අනතුරු වාර්තා වුණා.
අද නිට්ටඹුව මල්වත්ත ප්රදේශයේ නිවසක ගෑස් බටය ගිනිගැනීමකට ලක්වී තිබු අතර, අහුංගල්ල පතිරාජ ප්රදේශයේ ආපනශාලාවකට ඊයේ දින මිලදීගත් ප්රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරයට සවිකර තිබූ රෙගියුලේටරයක් ගිනි ගෙන හානිවී තිබුණා.
ගාල්ල ඉමදූව, බදුල්ල රිදීමාලියද්ද හා බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්රදේශවලින්ද ගෑස් ලිප් පුපුරා යාමේ සිද්ධි වාර්තා කර තිබෙනවා.