තවමත් කොරෝනා සමාජගතවී නැහැ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

තවමත් ශ්‍රී ලංකාව තුල කොරෝනා සමාජගතවීමේ තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.
කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල මට්ටමින් වැඩි කර ඇතත්, එම පරීක්ෂණ සංඛ්‍යාවට සමාන්තරව ආසාදිතයන් හමුවීම වර්ධනයවී නොමැති බව ද ඔහු කියා සිටියා.
එබැවින් වසංගත රෝග විද්‍යාඥයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාව තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට ළගාවී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.
කොරෝනා සමාජගතවූ මට්ටමට ළගාවන්නේ නම් ආසාදිතයන් ගණන පී සී ආර් පරීක්ෂණවලට සාපේක්ෂව ඉහළ යා යුතු වුවත් , ලංකාව තුල එවන් තත්ත්වයක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

පුවත යවන්න