පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ත්‍රස්ත සංවිධාන පිළිබද ජනතාව අතර දැඩි විරෝධයක් මතුව ඇතැයි යාහූ නිවුස් පුවත් සේවය පවසනවා.
සාමකාමී ජන ජීවිතය අහිමිවීම පිළිබද මෙම විරෝධය මතුවෙමින් පවතින බවයි එම වාර්තාව පවසන්නේ.
පකිස්ථාන ආරක්ෂක විශ්ලේෂක මුහම්මද් අමීර් රානා පවසන්නේ පකිස්ථාන ජනතාව සාමකාමී ජන කොට්ඨාශයක් වුවද දිගු කලක සිට ත්‍රස්තවාදය විසින් එම සාමකාමී බව අහිමිකර ඇති බවයි.
මෙම තත්ත්වය තුල පකිස්ථානයට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ජාත්‍යන්තර සහාය අවශය අතර ත්රස්තවාදයට එරෙහිව පකිස්ථානයට මග පෙන්වීමක් අවශ්‍ය බවද එම වාර්තාවේ සදහන්.
කලාපීය රටවල් අතර සහයෝගීතාවය වර්ධනය මගින් මීට විසදුම් ලබාගත හැකි බවයි එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.