ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශ කාර්යාලය සඳහන් කළේ මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද දින මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරුණු බවයි.
මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.