ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි ගැන ඇමති කළ ප්‍රකාශය බොරුවක් / වෘත්තීය සමිති කියයි- Audio

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයේ අයිතිය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට හිමිවන බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත ශාඛාවේ සභාපති ආනන්ද පාලිත මහතා පවසනවා.
සභාපතිවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම ඉන්ධන ටැංකි සංකීර්ණය සින්නක්කර ගිවිසුමක් මගින් සංවර්ධනය කර සියයට 50 කළමනාකාරීත්වයක් යටතේ පවත්වාගෙන යෑම ඉන්දියාවේ අරමුණ වී ඇති බවයි.

‘‘ඇමැතිතුමා කියනවා චීන වරායේ අවුරුදු අනූපහක් පාවිච්චි කරපු සියලු දේ ඔක්කොම අපි ගන්නවා කියලා. ඒක පට්ටපල් බොරුවක්.ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද පැහැදිලිවම මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ දැනට තියෙන ටැංකි අනූ හතර සංවර්ධනය කරලා, ඒක ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙනවා කියලා. හැබැයි දෙපැත්තටම අවාසිදායක නොවෙන්න. ඒ කියන්නේ පනහට පනහා.

හැබැයි දෙදහස් තුනේ දුන්නේ බදු ගිවිසුමකින්. දැන් සින්නක්කර දෙන්නයි යන්නේ.

ඇමැතිතුමාට හෝ වර්තමාන රජයට මේක විකුණන්න හෝ සදාකාලිකව මේ භූමිය පවරන්න බලය දුන්නේ කවුද? මේ ආණ්ඩුව ආවේ ගිවිසුම් අහෝසි කරනවා කියලා. හැබැයි දැන් බදු ගිවිසුම් වෙනුවට සින්නක්කරව වෙනත් රටකට ලබාදීමට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ.

පසුගිය ආණ්ඩුව යටතේ 2017 වර්ෂයේ දී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ඇතුළුව දෙපාර්ශ්වය අතර ඇති අවබෝධතාවන්ට අනුකූලව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් සාකච්ඡා පවත්වා ඇති බවයි ඉන්දියාව පවසන්නේ.
කෙසේ වෙතත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් පෙරේදා(17) බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් කළ ප්‍රකාශය ඔස්සේ තෙල් ටැංකි පිළිබඳ නිවැරැදි තත්ත්වය නිරූපණය වී නැතැයිද ප්‍රකාශයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඇමැතිවරයා 17 වැනිදා සිදු කළ ප්‍රකාශය පදනම් කරගනිමින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති අවබෝධතා ගිවිසුම අවලංගු කර ඇති බවට ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ පළකර ඇති වාර්තාවල සත්‍යතාවක් නොමැති බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

මේ පසුගියදා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම තෙල් ටැංකි ලංකාව සතු වන බවට සිදුකළ ප්‍රකාශයයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී මෙම හවුල්කාරීත්ව ගිවිසුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා යළිත් කරුණු දක්වා තිබුණා.

පුවත යවන්න