තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා.
අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් හිටපු අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් මේ බව අවධාරණය කර තිබෙනවා.
මේ වන විට හොංකොං හා සීජියෑන් කලාපවල තත්ත්වයන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයෙන් පසුවන අතර කිසිදු තර්ජනයකට අමෙරිකාව බිය ගැන්විය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.
පසුගිය වසර කිහිපයක සිට අමෙරිකාව දැඩි ඉවසිලිවන්තව අභියෝග සඳහා මුහුණ දී ඇති බවත් එය දුර්වලතාවයක් නොවන බවත් අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් පවසනවා.
දකුණු චීන මුහුද සම්බන්ධයෙන් දැඩි හා ස්ථීර ප්‍රතිපත්තියක තම රට පසුවන බවත් ,ලෝකයේ රටවල් බහුතරයක් එම ස්ථාවරයේ පසුවන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
හොංකො නව ආරක්ෂණ නීතියේ සිට මේ දක්වා චීනය ගත් පියවර නිවැරදි නොවන අතර ඒවා අනාගතයේදී අර්බුධ මතුකරනු ඇති බවයි ඔහු පවසන්නේ.
මේ අතර තම රටේ අභ්‍යන්තර ගැටළු සඳහා අත නොපොවන්නැයි චීනය ද අමෙරිකාවට අනතුරු අගවා තිබුණා.

පුවත යවන්න