තායිවාන ගුවන් හමුදාවට අයත් ප්රහාරක යානා 2ක් එකිනෙක ගැටීමෙන් විනාශයට පත්ව තිබෙනවා.
රොයිටර් පුවත් සේවය පැවසුවේ පුහුණුවක් අතරතුර මෙම අනතුර වාර්තා වූ බවයි.
ගතවූ මාස 3 තුල තායිවානයේ ප්රහාරක යානා එකිනෙක ගැටී විනාශ වූ 3 වන අවස්ථාව මෙයයි.
චීනය විසින් දිනපතා තායිවාන ගුවන් අවකාශයට ප්රහාරක යානා යොමුකිරීම හේතුවෙන් තායිවානය ද හදිසි අවස්ථා වෙනුවෙන් මෙහෙයුම් දැඩි කර තිබෙනවා.
ඒ අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.
මේ අතරතුර තායිවානය විසින් එෆ් 35 වර්ගයේ යානා 30 ක්ද අමෙරිකාවෙන් මිලදී ගැනීමටයි නියමිත වන්නේ.