තායිවානයට බලපෑම් එපා / අමෙරිකාව චීනයෙන් ඉල්ලයි

තායිවානයට එරෙහි හමුදාමය /රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය අවසන් කරන චීනයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පවසනවා.
ඒ වෙනුවට තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකත්වය සමඟ අර්ථවත් සංවාදයක නිරත වන ලෙසයි අමෙරිකාව චීනයට දන්වා ඇත්තේ.
චීනයේ ආක්‍රමණශීලී හා බලහත්කාර ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අඛණ්ඩව පියවර ගන්නා බව ද අමෙරාකුන රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා පැවසුවා.
තායිවානය ස්වාධින වීමට තැත් කිරීම යුද්ධයකට හේතුවන බවට චීනය සිදුකළ ප්‍රකාශයෙන් පසු අමෙරිකාව මෙම අදහස් පල කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් චීනය පවසන්නේ , තායිවානය සම්බන්ධ කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොතබන බවයි.
එවන් පාර්ශවයන්ට දැඩි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇතියි ද චීනය අනතුරු අඟවා තිබෙනවා.

පුවත යවන්න