තැපල් ගාස්තු වැඩි වෙයි

තැපැල් ගාස්තු ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමෙනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ඉහළ දමන බව ද සඳහන් වේ.

තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට නියමිතය

පුවත යවන්න