අන්තර් සමාජ ප්රිමියර් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් පිල සමගින් පැවැති තරගයේදී ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායමේ නායක තිසර පෙරේරා එක් පන්දුවාරයකදී පිට පිට හයේ පහර 6ක් එල්ල කිරීමට සමත්වූයේය.
යුද හමුදා ඉනිමේ 40 වන පන්දුවාරය ක්රියාත්මක කළ බ්ලුම්ෆීල්ඩ් ක්රීඩක දිල්හාන් කුරේගේ පන්දු 6ට මෙම දැවැන්ත ප්රහාරය එල්ල වූ අතර ඒ අවසරයෙන් තිසර, පන්දු 13කදී නොදැවී ලකුණු 52ක් රැස් කළේය. වාර්තාවන අන්දමට මෙය ශ්රී ලංකා ක්රීඩකයෙකු විසින් වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වේ. මෙම ඉනිමත් සමගින් ශ්රී ලංකා යුද හමුදාව පන්දුවාර 41කදී කඩුළු 3කට ලකුණු 318ක් ලබා ගත්තේය.