තුර්කියේ භූ කම්පනයෙන් ලාංකික කාන්තාවක් අතුරුදන්

තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක ප්‍රකාශ කළා.

තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ දක්වා තොරතුරක් නොලද කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබෙනවා.

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් මිය ගිය පුද්ගලයන් ගණන 4300 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15,000කට අධිකයි.

පුවත යවන්න