තෙල් මිල වැඩි කළේ ජනපති , අගමැති හා කැබිනට් අනුමැතියෙන් / ඇමති ගම්මන්පිල

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයා ,අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලයේත් අනුමැතිය සහිතව බව , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද බලශක්ති අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
විෂය භාර අමාත්‍යවරයාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ නිකුත් කළ නිවේදනයට උදය ගම්මන්පිල මහතා එහිදි ප්‍රතිචාර පළකරනු ලැබුවා.
මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් නොවන බවත් තනිව එවන් තීන්දු ගත නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

පුවත යවන්න