දක්ෂිණ අධිවේගයේ හුවමාරු 3ක සේවකයන් 17කට කොරෝනා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩල ඉවත් කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.

කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවකයින් එලෙස ඉවත් කර ඇති බව ඔහු කියා සිටියා.

කෙසේවෙතත් එම අන්තර් හුවමාරු විවෘතව තැබෙන අතර ඒවායෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව මිහාල් ලොඩ්වික් මහතා සදහන් කළා.

ඒ අනුව අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල යන අන්තර් හුවමාරුවලින් ඇතුළු වන රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතිනවා.

මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න