දකුණු චීන මුහුදේ චීන යුධ අභ්‍යාසය අඛණ්ඩව

දකුණු චීන මුහුද මුල් කර ගනිමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය අඛණ්ඩව ක්‍රියාත්මක බව චීන මාධ්‍ය වාර්තා පවසනවා.
මුහුදේ දුර පවතින සතුරු ඉලක්ක හදුනාගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ යුධ අභ්‍යාසයක් මෙහිදී ක්‍රියාත්මක කරමින් පවතිනවා.
මෙම අභ්‍යාසයට මඟ පෙන්වන ලද මිසයිල විනාශ කරන්නෙකු වන යින්චුවාන්, මිසයිල නෞකාවක් වන හෙන්ජියැන්ග්, වුෂිෂාන් සහ ආධාරක නෞකාව වන චගන් හූ යන නෞකා සම්බන්ධවී ඇති බවයි හෙළිකර ඇත්තේ.
දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය සහ එක්සත් ජනපදය අතර පවතින මත ගැටුම ද මෙම අභ්‍යාසයට මුල්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත පවසන්නේ , මෙම යුධ අභ්‍යාසනය චීන නාවික බලය තර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බවයි.
දකුණු චීන මුහුදේ පවතින උණුසුම්කාරී තත්ත්වය මේ සඳහා බලපා නැතැයි ද එම වාර්තා පවසනවා.
මේ දක්වා දකුණු චීන මුහුදේ රැදී සිටි අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඊයේ යළි පිටත්ව ගිය අතර ඒ වෙනුවට වෙනත් යුධ නෞකාවක් එහි ළගාවීමට නියමිතයි.
මේ අතර බ්‍රිතාන්‍ය , ප්‍රංශ හා ජර්මානු යුධ නෞකාවන්ද ඉදිරියේ දකුණු චීන මුහුදට ළගාවීමට නියමිතව තිබෙනවා.
ඒ එම කලාපයේ නිදහසේ යාත්‍රා කිරීමේ අයිතිය තහවුරු කිරම සඳහායි.

පුවත යවන්න