දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ සැක කටයුතු පොල් තෙල් කන්ටේනරයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දඹුල්ල නගර සභාව සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදීයි.
එහිදී අදාළ පොල් තෙල් තොගය කවර ප්‍රදේශයක සිට රැගෙන ආවේද යන්න සහ එහි ප්‍රමිතිය පිළිබඳ තහවුරු කෙරෙන කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට කන්ටේනර් රථ රියදුරු සහ ගබඩා භාරකරු අසමත්ව තිබෙනවා.
ඒ අනුව සැක කටයුතු පොල් තෙල් ලීටර් 20,000ක පමණ ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තබා ඇතැයි සදහන්.
හෙට දිනයේ අදාළ පොල්තෙල් පිළිබඳ සාම්පල පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතයි.