දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා මහතා එම තීරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා එය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇතැයි ද එමගින් අනාවරණ කළා.
පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ඒසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා තිබූ බවද පෙන්වා දී තිබෙනවා.