දළෙයි ළාමාගේ මීළග උපත කොහේද ?

දළෙයි ළාමා තුමන් යම් දිනක මරණයට පත්වූ පසුව මීළඟ ළාමාවරයා තෝරාපත් කර ගැනීම අර්බුධයක් බවට පත්විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඒ ටිඛෙටයේ පවතින ළාමාවරයකු තෝරාගැනීමේ සම්ප්‍රදායට මේ වන විට බාධා මතුව තිබීම මතයි.
ඒ චීනය විසින් වත්මන් දළෙයිලාමා තුමන් ප්‍රතික්ෂේප කිරීම හා ඔහුගේ මීළග පුනුරුත්පත්තිය ලෙස නම් කරන දරුවා සම්බන්ධයෙන් චීනය අනුගමනය කළ හැකි පියවර මතයි.
මේ පිළිබද ලිපියක් සපයමින් සී එන් එන් පුවත්පත පවසන්නේ , මේ වන විට චීනය භාරයේ පසුවන පංචන් ළාමා මීළග ළාමාවරයා බවට පත් කිරීමට චීනය කටයුතු කරනු ඇති බවයි.
එහෙත් ටිඛෙටය හා ලෝකය එය පිළිනොගනු ඇති බවයි එම වාර්තාව පවසන්නේ.
පන්චන් ළාමා මීට වසර ගණනාවකට පෙර චීනය විසින් පැහැරගත් බවට චෝදනා ලැබූ අතර ඔහු මේ වන විට චීනය භාරයේ පසුවනවා.
මේ අතර දළෙයි ළාමාතුමන් පවසන්නේ තමන්ගේ පුනුරුත්පත්තිය ලැබීම හා ස්ථානය පිළිබද සිය 90 වන ජන්ම දිනයේදී තීරණය කරන බවයි.
චීන සම්ප්‍රදායට අනුව , ළාමාවරයකු මරණයට පත්වීමට පෙර යළි උපත ලබන ස්ථානය දන්වන අතර එම ස්ථානයේ නියමිත කාලය තුල උපත ලබන දරුවා එම ලාමාවරයාගේ පුනුරුත්පත්තිය ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත් මීළග ලාමාවරයා ඉන්දියාවේ උපත ලැබිය හැකි බවයි සී එන් එන් වාර්තාව පවසන්නේ.
ඒ චීනයෙන් පලා ආ දළෙයි ලාමා ඉන්දියාවේ වාසය කිරීම මතයි.

පුවත යවන්න