දැඩි අවදානයෙන් ඉන්න / කොලඹ නගරයේ ජනතාවට දැනුම්දීමක්

කොළඹ නගරයේ වාසය කරන ජනතාව නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා මහතා පවසනවා.
එය නගරයේ වයාප්තවීමේ අවදානමක් පවතින බැවින් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේ.

“මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිය.“

පුවත යවන්න