දැඩි සත්කාර ඒකක ගැන අනිසි බියක් එපා / දැනට ප්‍රමාණවත්

කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩිසත්කාර ඒකකවලින් තවමත් පිරී ඇත්තේ සියයට 17ක ප්‍රතිශතයක් පමණක් බැවින් දැඩිසත්කාර ඒකක සම්බන්ධයෙන් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.

බ්‍රිතාන්‍යයේ පැතිරුණු කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති නමුත් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව මෙතෙක් ගැටලුවක් පැන නැගී නොමැති බැවින් රෝහල් පහසුකම් සහ දැඩිසත්කාර පහසුකම් තවමත් කළමනාකරණය කර ගැනීමට හැකිව ඇතැයි ඇමැතිවරිය පැවසුවා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන් සඳහාම වෙන්කීරීමේ අවශ්‍යතාවයක් නොතිබුණ ද ඉදිරියේදී අවශ්‍යතාවක් පැන නැගුණහොත් එම රෝහලේ දැඩිසත්කාර එකක හා රෝහල් වාට්ටු භාවිතයට ගැනීමේ හැකියාවක් පවතින බවයි අමාත්‍යවරිය සදහන් කළේ.

පුවත යවන්න