දැඩි සීමා යටතේ රට විවෘත කළ හැකියි /මහාචාර්ය අර්ජුන ද සිල්වා

දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කිරීමේ හැකියාවක් පවතින බව රාගම වෛද්‍ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

දීර්ඝ කාලයක් රට වසා දැමීමේ හොඳ ප්‍රතිඵල දක්නට ලැබුණ ද ඉදිරියේ දී රට විවෘත කිරීමේ දී රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයන් කැදවීම 25% සීමාව තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ද ඔහු සදහන් කළා.

පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම ද 50%ක සීමාවේ දිගටම තබා ගත යුතු අතර විවාහ උත්සව, ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීමට තවදුරටත් නොහැකි විය යුතු බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

රට වසා දැමී කාලයේදී මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සතුටුදායක ලෙස අඩු වී ඇති බවත් එය යහපත් තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පුවත යවන්න