කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අඛන්ඩවම ක්‍රියාත්ම කර තිබෙනවා. විශේෂයෙන් බූස්ටර් එන්නත ලබාගැනීම තුළින් රෝගයෙන් ඇතිවන අපහසුතා අවම කර ගත හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
දිනකට වඩා උණ රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඔමික්‍රෝන්, ඩෙංගු සහ වෙනත් වයිරස් රෝගයක් ව්‍යාප්තවීම ඊට හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළා.