දිනකදී වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව දිනක් තුල ලෝකයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 4,529 ක්.
කෙසේ වෙතත් එරටින් වාර්තාවූ ආසාදිතවන් සංඛ්‍යාව 267,000 ක් තෙක් පහත වැටී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පී සී ආර් පරීක්ෂණ ධාරිතාවය අවම කිරීම ආසාදිතයන් අවමවීමට එක් හේතුවක් බවයි.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ජනගහනයෙන් සියයට 2ක් පමණ කොරෝනා ආසාදිතයන් බවට පත්වූ බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

පුවත යවන්න