දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනට කොරෝනා මරණ 195ක් වාර්තා කළ අතර එය මෙතෙක් මෙරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 3839ක් වාර්තා වී තිබුණා.
එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.