දිනයේ වැඩිම ආසාදිතයන් පානදුර දකුණ (263),වරකාපොල(174),මාවතගම(128) හා දිවුලපිටියෙන්(101) යි

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 761 ක්.
දිවුලපිටියෙන් ආසාදිතයන් 101 ක් , කඩවතින් 100 ක්, මිනුවන්ගොඩින් 71 ක් හා රාගමින් 59ක් වාර්තා වුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 463 යි.
පානදුර දකුණෙන් ආසාදිතයන් 263 යි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 275 යි.
අක්මීමනින් 83 ක් හා ඇල්පිටියෙන් 72 ක් වාර්තාවනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 265 යි.
මාවතගමින් ආසාදිතයන් 128 යි.
කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයන් 233 යි.
වරකාපොලින් 174 යි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයන් 218 ක් පමණයි.
ගල්කිස්සෙන් ආසාදිතයන් 45 යි.
මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 ක් හඳුනාගත් අතර ඉන් 83 ක්ම වැලිගමින්.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 139 යි.
යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 203 යි.
යාපනය නගරයෙන් 87 යි.

පුවත යවන්න