ආක්රමණයකට ලක්ව සිටින යුක්රේනයේ කියෙව් අගනුවර දින කිහිපයක් තුල බිදවැටෙනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා.
ඒ අඛණ්ඩව රුසියානු හමුදා වැලැක්වීමට හැකියාවක් යුක්රේනයට නොමැතිවීම මතයි.
ඒ අනුව කියෙව් අගනුවරට ආසන්න වී සිටින රුසියානු හමුදා නගරයේ බලය හිමිකර ගනු ඇති බවටයි විශ්වාසය පළකර තිබුණේ.
මේ අතර යුක්රේන ජනපතිවරයා සදහන් කළේ බාහිර සහායක් රහිතව යුක්රේනය සටන ජය ලබන බවයි.
අඛණ්ඩව යුක්රේනය වෙනුවෙන් සටන් වදින බවද ඔහු අද අවධාරණය කළා.