දින පහට මෙරට කොවිඩ් මරණ 33ක්

පෙබරවාරි මාසය ඇරඹී ගතවූ සතියේ දින පහක් ඇතුළත කොවිඩ් මරණ 33 ක් වාර්තා වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව ජනවාරි 24 වැනිදා සිට ඊයේ (7 වැනිදා) දක්වා ගතවූ සති දෙකක කාලයේ දින 12 කදී කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු මරණයට පත්ව ඇත.

පෙබරවාරි 6 වැනිදා අවසන් වරට නිකුත් කළ වාර්තාවේ කොවිඩ් මරණ අටත් සමග ඊයේ (7 වැනිදා) උදෑසන වනවිට සමස්ත කොවිඩ් මරණ ගණන 351 දක්වා ඉහළ ගියේය. ඉන් මරණ 338 ක්ම කොවිඩ් දෙවැනි රැල්ලේ සිදුවූ මරණය වනවා.

මෙම මරණ අතරින් මරණ 291 ක්ම වයස පනහට වැඩි අයගේ වන අතර අනෙක් මරණ හතළිස් හතම වයස පනහට අඩු පුද්ගලයන්ගේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

පුවත යවන්න