දින 10ක කාලයක් ගුවන් මගීන්ට මෙරටට ඇතුළුවීමේ තහනමක්

වත්මන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි මස 21 වෙනිදා රාත්‍රී 11:59 සිට මැයි 31 වෙනිදා රාත්‍රී 11:59 දක්වා කාලය අතරවාරයේදී කිසිදු ගුවන් මගීයෙකුට මෙරටට ඇතුල්වීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.

මෙම කාල සීමාවේදී මෙරටින් පිටව යන කිසිදු ගුවන් මගියෙකුට බාධාවක් නොවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පුවත යවන්න