දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිදෙකක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එහෙත් කුඹුක්කන් ඔය ආශ්‍රිතව ගංවතුර සම්බන්ධයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කෙරුණා.
බදුල්ල ගාල්ල , කළුතර ,මහනුවර, කෑගල්ල , මාතලේ , නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශ විසි දෙකක් සඳහා නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අද රාත්‍රි 8 දක්වායි. අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික්ක දහයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පවුල් 1444ක පුද්ගලයින් 5790 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ප්‍රධාන ජලාශ කිහිපයක ද වාන් දොරටු ද විවෘත කර තිබෙනවා.
මේ අතර අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් යටවී මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එළවළු වගාබිම් කිහිපයක් ද ජලයෙන් යටවුණා. නාවලපිටිය ප්‍රදේශයේ ගල් වැඩපළකට අකුණු සැර වැදීමෙන් එහි සේවය කළ අයෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගියේ එම ගල් වැඩපළේ බැකෝ යන්ත්‍ර ක්රියාකරුයි. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකද බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.