දිස්ත්‍රික් 3කට නායයාම් රතු නිවේදන/ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක්

දිස්ත්‍රික් තුනකට අදාළව නායයෑම් රතු නිවේදන නිකුත් කර තිඛෙනවා.

ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික් සදහායි මෙලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ගෙවුණු පැය 24 තුළ එම දිස්ත්‍රික්වට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇතග

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන්ද වාර්තා වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීයග

කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ද සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීයග

පුවත යවන්න