දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් වෛද්‍යවරුවන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තම ඉල්ලීම් වෙනුවෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වන්නේ නම් පමණක් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සමංගමය සදහන් කළේ.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ විධායක කමිටු සාමාජිකල වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අදහස් පළකලා.

“මේ වෙනකොට කොවිඩ් විශේෂ ප්‍රතිකාර අංශ, වකුගඩු ඒකක සහ විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු රෝහල් කිහිපයක් මේ වෙනකොට වසා දමන්න සිද්ධවෙලා තියෙනවා. මේකෙන් හානියට පත්වෙන්නේ, මේ රටේ මහජනතාව ජීවිතවලට දැඩි අවධානමක් තිබෙන ස්ථාන පමණක් විවෘත කරලා තියෙනවා. ඒ හින්දා අපිට සිද්ධවෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහ මඟට ගන්නට නම් වැඩ වර්ජනය දිගටයම කරගෙන යන්න. වැඩවර්ජනය නවත්නවාද නැද්ද කියන එක තීරණය කළ හැක්කේ අපට නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශය නම්‍යශීලිවෙන්නේ කවදාද එදා වෙනතුර වැඩවර්ජනය ක්‍රියාත්මයි.”

පුවත යවන්න