දුම්රිය වෘත්තිය සමිති හදිසි වර්ජනයක

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිඛෙනවා.

අද මධ්‍යහන 12 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණේ පෙර දැනුම්දීමකින් තොරවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය පලකිරීම සදහායි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සංගම් රැසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.

හදිසියේ මෙවැනි වැඩ වර්ජනයකට යොමුවීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අසීරුවකට පත්ව තිඛෙනවා.

පුවත යවන්න