දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවැත්වු සාකච්ඡාවෙන් පසුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීමෙන් වැළකී සිටි දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ පස්වරුවේ සිට ඉන්ධන , සිමෙන්ති සහ තිරිගු පිටි ප්‍රවාහන සේවාවන්ගෙන් ද ඉවත්ව තිබුණා.