ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් කීය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (31) පස්වරුවේ නියෝග කළ අතර ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.