දෙවැනි කොරෝනා රැල්ල පාලනයෙන් ගිලිහිලා – GMOA

දෙවැනි  රැල්ල මේ වනවිට පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ අප අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

දිනක පී.සී.ආර්. පරීක්ෂණ විසි දහසක ඉලක්කයට ළඟාවීමට නොහැකි වී ඇති බවත් රතු කලාප හඳුනාගෙන, සංචරණ සීමා පැනවීම අඩපණවීමද කොවිඩ් ආසාදිත පොකුරු රට පුරා මතුවීමට එක් ප්‍රධාන හේතුවක් වූ බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භයේදී අද මෙරට පවතින බලපෑම හා සමාන බලපෑමක් නවසීලන්තය, චීනය වැනි රටවල පැවතුණ බවත්  පළමු රැල්ල පාලනය කරගැනීමට හැකිවූයේ අපේ ක්‍රමය ශක්තිමත් වූ නිසාවෙන් බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

පුවත යවන්න