දේශපාලනඥයන්ගේ වත්කම් හෙළිකරන්න පකිස්ථානයේ විශේෂ වැඩසටහනක්

පාකිස්තාන මැතිවරණ කොමිසම මගින් එරට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ 19 කට නොතීසි ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ එම පක්ෂවල හා දේශපාලනඥය්නගේ ප්‍රකාශන සහ අරමුදල් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන්‍ නිර්මාණය වී ඇති ගැටලු මතයි.

ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේ  පකිස්ප්‍ථාන  මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් විශේෂ මණ්ඩලයක් විසින් මෙම පක්ෂ හා දේශපාලනඥයන් පිළිබද විමර්ෂණය කිරීමට නියමිත බවයි.

එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල මූල්‍ය ප්‍රකාශන සෝදිසි කිරීම හරහායි මෙම තත්ත්වයන් හෙළිවී ඇත්තේ.

පකිස්ථාන විපක්ෂය පවසන්නේ එරට රජයේ දේශපාලනඥයන් වැඩි පිරිසක් චෝදනාවට ලක්වූවන් බවයි.

කෙසේ වෙතත් පකිස්ථාන මැතිවරණ කොමිසම පවසන්නේ වත්කම් හෙළිකිරීමට අපොහාසත් වන දේශපාලනඥයන්ට පක්ෂ භේදයෙන් තොරව දඩුවම් ලබා දෙන බවයි.

පුවත යවන්න