පවතින අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව සිය කණගාටුව පළකරන බව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා පවසයි.
පවතින අර්බුදය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් මහානායක හිමිවරුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනඥයින් විසින් සිදුකරන ලද අදූරදර්ශී ප්‍රකාශ මෙම සමාජ, ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට හේතු වූ බවය.
මේ අතර වර්තමාන අර්බුදය විසඳාගැනීම සඳහා මහානායක හිමිවරුන් විසින් පසුගිය අප්‍රේල් මස 04 වනදා ඉදිරිපත් කළ සාධනීය යෝජනා සම්බන්ධයෙන් ජනපතිවරයා අවධානය යොමුකර ඇති බවත් එම කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සිදුකරමින් පවතින බවත් ජනාධිපති ලේකම්වරයා විසින් මහනායක හිමිවරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.