දේශපාලන වැඩවලට මින් පසු බස් රථ දෙන්නේ නෑ / පුද්ගලික බස් සංගම් කියයි

පෞද්ගලික බස් රථ මින් ඉදිරියට කිසිඳු දේශපාලන කටයුත්තක් සඳහා ලබා නොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසනවා.

අරලිගහ මන්දිරයේ පැවැති රැස්වීම වැනි අවස්ථාවට සහභාගි වීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන් මුදල් අයකිරීම මත පමණක් ද, ඇතැමුන් පෞද්ගලික හිතවත්කම මත පමණක් ද ලබාදෙන බවත් ඉදිරියේදී කිසිඳු හේතුවක් මත දේශපාලන කටයුතුවලට බස් ලබා නොදෙන බවත් දැනුම්දි තිබෙනවා.

ගාලුමුවදොර අරගල භූමිය සහ එහි සිටි පිරිසට පහර දීමට සහභාගි වූ ඇතැම් පුද්ගලයන් කොළඹට පැමිණි බස් රථ 20 කට අධික සංඛ්‍යාවක් කොළඹ සහ අවට ප්‍රදේශවල ගිනිතබා විනාශ කර තිබූ අතර තවත් බස් රථ ගණනාවක් යළි ගම්බිම් බලා යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබුණා.

 

පුවත යවන්න