බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ගේ අදාළ පත් කිරීමට එරෙහිව නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කරන බව හෙළිකර තිබෙනවා.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දෙන්නේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය බලය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද මේ පිළිබඳ තමන්ගෙන් විමසීමක් සිදුකළ බවද නාගානන්ද කොඩිතුවක්කු සදහන් කළා.