ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්යාඥල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට පැමිණි බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේ.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවධානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් එන්නත ලබාදීම සාකච්ඡා වු බව ද වෛද්‍යවරයා පැවසුවා.
දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර වඩාත් සුදුසු ආකාරය පිළිබඳ ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි.
කෙසේ වෙතත් මීට පෙර වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටියේ ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත පළමු මාත්‍රාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමු බවයි.