පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් එරට හමුදාවට හා බුද්ධි අංශයට විරෝධය පළ කරමින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ පකිස්ථාන හමුදාව හා බුද්ධි අංශ මේ වන විට දේශපාලනීකරණය වෙමින් පවතින බවයි.
සිය දියණිය වන මාරියම් ෂරීෆ් හට ඉම්රාන් ඛාන්ගේ රජය හරහා හමුදා අංශ මගින් තර්ජන එල්ල වන බවයි නවාස් ෂරීෆ් පවසන්නේ.
ඒ අනුව මාරියම් ෆරීෆ් හට යම් හානියක් සිදුවුවහොත් අගමැති ඉම්රාන් ඛාන් , හමුදාපති හා පකිස්ථාන බුද්ධි අංශ ප්රධානියා වගකීම භාරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.